හැඟීම් නියාමනය (emotion regulation), ජීවන තත්ත්වය (quality of life), යහපැවැත්ම (wellbeing) සහ සංස්කෘතික සාරධර්ම (cultural values) තක්සේරු කිරීම කිරීමේ උපකරණ තහවුරු කිරීම
Caution: JavaScript execution is disabled in your browser or for this website. You may not be able to answer all questions in this survey. Please, verify your browser parameters.

හැඟීම් නියාමනය (emotion regulation), ජීවන තත්ත්වය (quality of life), යහපැවැත්ම (wellbeing) සහ සංස්කෘතික සාරධර්ම (cultural values) තක්සේරු කිරීම කිරීමේ උපකරණ තහවුරු කිරීම

දෙවන වර්ගයේ දියවැඩියාව හඳුනාගත් ශ්‍රී ලාංකීය උරුමයේ වැඩිහිටියන් සඳහා අන්තර්ජාලය පදනම් කරගත් ධනාත්මක මනෝවිද්‍යා අධ්‍යාපනික වැඩසටහනක සාධ්‍යතාව ගවේෂණය කිරීම (ETH2024-0063)

විස්තරය

මෙම ව්‍යාපෘතිය දකුණු ක්වීන්ස්ලන්ත විශ්ව විද්යාලය හරහා මනෝවිද්‍යා දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියේ කොටසක් ලෙස සිදු කෙරේ.

දෙවන වර්ගයේ දියවැඩියාව ඇති බවට හඳුනාගත් ශ්‍රී ලාංකේය උරුමයේ වැඩිහිටියන් සඳහා අන්තර්ජාලය පදනම් කරගත් ධනාත්මක මනෝවිද්‍යා අධ්යාපන වැඩසටහනක සාධ්‍යතාව (feasibility), සංස්කෘතික පිළිගැනීම (cultural acceptability) සහ කාර්යක්ෂමතාව (efficacy) තක්සේරු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස, හැඟීම් නියාමනය (emotion regulation), ජීවන තත්ත්වය (quality of life), යහපැවැත්ම (wellbeing) සහ සංස්කෘතිකසාරධර්ම (cultural values) තක්සේරු කිරීම සඳහා භාවිතා කරනු ලබන පර්යේෂණ උපකරණ පරිවර්තනය කිරීම සඳහා අප අධ්‍යයනයක් සිදු කරමින් සිටිමු. මෙම පරිවර්තන තහවුරු කිරීමේ අධ්‍යයනය සඳහා සහභාගී වන ලෙස ඔබට ආරාධනා කරනු ලැබේ.

සහභාගීත්වය

ඔබ 
- ශ්‍රී ලාංකික නම්
- වයස අවුරුදු 18 සහ ඊට වැඩි නම්
-ශ්‍රී ලංකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ ජීවත්නේ වන් නම්
- සිංහල භාෂාව කතා කිරීමට, කියවීමට, තේරුම් ගැනීමට සහ ලිවීමට හැකි නම්

ඔබට සහභාගී විය හැක

ඔබේ සහභාගීත්වයට ඔබේ කාලයෙන් මිනිත්තු 20 ක් පමණ ගත වන ප්‍රශ්නාවලි මාලාවක් සම්පූර්ණ කිරීම ඇතුළත් වනු ඇත.

ඔබේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය යනාදිය ඇතුළු ජන විකාශන තොරතුරු ලබා දෙන ලෙස මෙම ප්‍රශ්නාවලියෙන් ඔබෙන් ඉල්ලා සිටිනු ඇත. පර්යේෂණ ප්‍රශ්නාවලියේ ඇතුලත් ප්‍රශ්න උදාහරණ: ඔබ කලබල වූ විට, ඔබට වැඩ කර ගැනීමට අපහසුද? ඔබේ පෞද්ගලික සබඳතා ගැන ඔබ කොතරම් තෘප්තිමත්ද? ඔබට ඔබේ ප්රතිචාර ශ්‍රේණිගත කිරීමට සිදු වේ. උදාහරණයක් ලෙස, 0 (කවදාවත් නැත) සිට 10 (සෑම විටම).

මෙම ප්‍රශ්නාවලියෙන් ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය ලබා දෙන ලෙස ද ඔබෙන් ඉල්ලා සිටිනු ඇත. මෙම ප්‍රශ්නාවලියේ ප්‍රතිචාර මගින් රෝග විනිශ්චය (diagnosis) හෙළි නොකරනු ඇත. නමුත් ඔවුන් චිත්තවේගීය පීඩා (emotional distress), හෝ ජීවන තත්වයේ අඩු මට්ටම් (low levels of quality of life) පිළිබඳ ඇඟවුම් හෙළි කරනු ඇත. ඔබගේ විද්යුත් තැපැල් ලිපිනය එකතු කර ගැනීම මගින් සැලකිලිමත් වීමේ දර්ශකයක් ඇති ප්‍රතිචාරවල ප්‍රතිඵල සන්නිවේදනය කිරීමට ඉඩ සලසයි. මෙය මානසික සුවය පිලිබද වෘත්තීයවේදියෙකු ගෙන් වැඩිදුර සහාය ලබා ගැනීම සඳහා අත්යවශ්ය පියවරකි. ඔබගේ දත්ත ආරක්ෂා කරන්නේ කෙසේදැයි බැලීමට කරුණාකර පහත පෞද්ගලිකත්වය සහ රහස්යභාවය පිළිබඳ කොටස බලන්න.

මෙම ව්‍යාපෘතියට ඔබේ සහභාගීත්වය ස්වේච්ඡාවෙන් සිදු වේ. ඔබ සහභාගී වීමට අකමැති නම්, ඔබ බැඳී නැත. ඔබ සහභාගී වීමට තීරණය කරන්නේ නම් සහ පසුව ඔබේ අදහස වෙනස් කරන්නේ නම්, ව්‍යාපෘතියෙන් ඉවත් වීමට ඔබට නිදහස ඇත. දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු ඔබ ගැන එකතු කරන ලද දත්ත ඉවත් කර ගැනීමට ඔබට නොහැකි වනු ඇත.

ඔබ මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට හෝ ඔබ ගැන එකතු කරන ලද දත්ත ඉවත් කර ගැනීමට කැමති නම්, කරුණාකර පර්යේෂණ කණ්ඩායම අමතන්න (මෙම පෝරමයේ පහළින් ඇති ඇමතුම් විස්තර මගින්).

මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිවිස්තර දැන ගැනීමට හෝ මෙම ව්‍යාපෘතිය යටතේ අනාගත පර්යේෂණ අධ්‍යයනයන්ට සහභාගී වීමට අවශ්‍ය නම්, කරුණාකර ශිෂ්‍ය පරීක්ෂක වන සකුනි වීරසිංහ (මෙම පෝරමයේ පහළින් ඇති ඇමතුම් විස්තර මගින්) අමතන්න.

ඔබ සහභාගී වන්නේද, සහභාගී නොවන්නේද, සහභාගී වූ පසු ඉවත් වන්නේද යන්න ඔබේ තීරණය, දකුණු ක්වීන්ස්ලන්ත විශ්ව විද්යාලය සමඟ ඔබේ වර්තමාන හෝ අනාගත සම්බන්ධතාවයට කිසිදු ආකාරයකින් බලපාන්නේ නැත.

 

අපේක්ෂිත ප්‍රතිලාභ

මෙම ව්‍යාපෘතිය ඔබට සෘජුවම ප්‍රයෝජනවත් නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, පසුකාලීන පර්යේෂණ අධ්‍යයනයන් මත පදනම්ව දෙවන වර්ගයේ දියවැඩියාව හඳුනාගත් ශ්‍රී ලාංකේය උරුමයේ වැඩිහිටියන්ට එය ප්‍රයෝජනවත් විය හැකිය.

 

අවදානම්

සාමාන්‍ය එදිනෙදා ජීවිතයෙන් ඔබ්බට අධ්‍යයනයට සහභාගී වීමේ අපේක්ෂිත අවදානම් නොමැත. 

සමහර විට ප්‍රශ්නාවලියේ මතු කර ඇති ආකාරයේ ගැටළු ගැන සිතීම සමහර අසහනකාරී හෝ පීඩාකාරී හැඟීම් ඇති කළ හැකිය. ඔබට මේ ගැන වහාම යමෙකුසමඟ කතා කිරීමට අවශ්‍ය නම්, කරුණාකර පහත සඳහන් දුරකථනඇමතුම් අමතන්න.

ඔබ ශ්‍රී ලංකාවේ නම්:

ඔබ ඕස්ට්රේලියාවේ නම්:

ජාතික මානසික සෞඛ්ය දුරකථන අංකය- 1926

ලයිෆ්ලයින්- 131 114

සී.සී.සී. - 1333

බියොන්ඩ් බ්ලූ - 1300 22 4636

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ- +94 112 674 436

 

ශාන්ති මාර්ගම් - +94 71 763 9898

 

අතිරේක සහාය සඳහා ඔබේ සාමාන්ය වෛද්‍යවරයා (GP) ගෙන් උපදෙස් ලබා ගැනීම ගැන සලකා බැලීමට ද ඔබට හැකිය.

පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය

නීතියෙන් අවශ්‍ය නොවන්නේ නම් සියලු අදහස් සහ ප්‍රතිචාර රහසිගතය.

කිසිදු ප්‍රතිචාරයක තනි පුද්ගලයන්ගේ නම් අවශ්‍ය නොවේ. මෙම අධ්‍යයනයේ කොටසක් ලෙස එකතු කරන ඕනෑම දත්තයක් හඳුනාගත නොහැකි වන ලෙස (සහභාගිවන්නන්ගේ කේතයක් ඇතුළු කිරීමෙන් ඕනෑම හඳුනාගැනීමේ තොරතුරු ඉවත් කිරීම තුලින්), දකුණු ක්වීන්ස්ලන්ත විශ්ව විද්යාලයේ මුරපද භාවිතයෙන් ආරක්ෂිත සේවාදායකමත (password protected web server) සංකේතනය කරන ලද ඩිජිටල් ආකෘතියක ආරක්ෂිතව ගබඩා කරනු ලැබේ. මෙය දකුණු ක්වීන්ස්ලන්ත විශ්ව විද්යාලයේ පර්යේෂණ දත්ත සහ ප්‍රාථමික ද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියා පටිපාටියට අනුකූලව සිදු කෙරේ.

හඳුනාගත හැකි දත්ත (ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුලත්) ප්‍රවේශ විය හැක්කේ ශිෂ්‍ය පරීක්ෂකයාට (සකුනි වීරසිංහ) සහ ප්‍රධාන අධීක්ෂකට (මයිකල් අයර්ලන්ඩ්) පමණි. පර්යේෂණ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින්ට (සම විමර්ශකයින්ට) ඔබේ අනන්යතාවයට (විද්‍යුත් තැපැල් ඇතුලත්) අදාළ විස්තර සඳහා ප්‍රවේශය නොලැබෙනු ඇත. ඔබගේ දත්ත ඇතැම් විට නැවත හඳුනා ගත හැකි එකම අවස්ථාව (විද්‍යුත් තැපැල් ලිපිනය හඳුනාගනු ඇත්තේ) ප්‍රශ්නාවලියට ඔබේ ප්‍රතිචාර සැලකිලිමත් වන නිසාත් රැකවරණය පිළිබඳ යුතුකමක් ලෙස ප්‍රතිඵල ගැන ඔබට දැනුම් දිය යුතුය නිසාත් වේ.

මනෝවිද්‍යා ක්ෂේත්රයේ අනාගත පර්යේෂණ අරමුණු සඳහා හුවමාරු කර ගන්නා ඕනෑම දත්තයක් සම්පූර්ණයෙන්ම නිර්නාමික වනු ඇති අතර, ඕනෑම පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු ඉවත් කරනු ඇත.

ව්‍යාපෘති ප්‍රතිඵල පිළිබඳ සාරාංශයක් අපගේ ව්‍යාපෘති වෙබ් අඩවියේ ලබා ගත හැකි අතර, මෙමගින් ඔබේ වටිනා දායකත්වය වගකීමෙන් හා සදාචාරාත්මකව අනාගත විද්‍යාත්මක දැනුමට දායක වන බව සහතික කරයි.

 

සහභාගී වීමට කැමැත්ත 

ප්‍රශ්නාවලිය අවසානයේ 'ඉදිරිපත් කරන්න' (submit) බොත්තම එබීමෙන් මෙම ව්‍යාපෘතියට සහභාගී වීමට ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න.

 

ප්‍රශ්න

ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගැනීමට හෝ මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා සිටීමට කරුණාකර පෝරමයේ ඉහළින් ඇති පර්යේෂණ කණ්ඩායම් ඇමතුම් විස්තර භාවිතා කරන්න.

 

සැලකිය යුතු දෑ හෝ පැමිණිලි

ව්‍යාපෘතියේ සදාචාරාත්මක හැසිරීම පිළිබඳව ඔබට කිසියම් කනස්සල්ලක් හෝ පැමිණිලි තිබේ නම්, ඔබට දකුණු ක්වීන්ස්ලන්ත විශ්ව විද්යාලය, පර්යේෂණ අඛණ්ඩතාව සහ ආචාර ධර්ම කළමනාකරු +61 7 4631 1839 හෝ researchintegrity@usq.edu.au විද්‍යුත් තැපෑල මගින් ඇමතීමට හැක. පර්යේෂණ අඛණ්ඩතාව සහ ආචාර ධර්ම කළමනාකරු පර්යේෂණ ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ නොවන අතර අපක්ෂපාතී ආකාරයකින් ඔබේ කනස්සල්ල ආමන්ත්රණය කරනුඇත.

මෙම පර්යේෂණ ව්‍යාපෘති සඳහා උදව් කිරීමට කාලය ගත කිරීම ගැන ඔබට ස්තූතියි!

 

පර්යේෂණ කණ්ඩායම ඇමතුම් විස්තර

ශිෂ්‍ය පරීක්ෂක විස්තර
සකුනි වීරසිංහ
විද්‍යුත් තැපෑල: sakuni.weerasinghe@usq.edu.au
දුරකථන: +61 4 5153 9770
ජංගම: +61 4 5153 9770    

ප්‍රධාන අධීක්ෂක
ආචාර්ය මයිකල් අයර්ලන්ඩ්
විද්‍යුත් තැපෑල: michael.ireland@usq.edu.au
දුරකථන: +61 7 3812 6319
ජංගම: +61 7 3812 6319

 

There are 37 questions in this survey.

ප්‍රශ්නාවලිය අවසානයේ 'ඉදිරිපත් කරන්න' (submit) බොත්තම එබීමෙන්, ඔබ පෙන්නුම් කරන්නේ ඔබ:
•    මෙම ව්‍යාපෘතියට අදාළ තොරතුරු ලේඛනය කියවා තේරුම් ගෙන ඇති බව
•    ඔබ තෘප්තිමත්වන ලෙස ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබා දී ඇති බව
•    ඔබට අමතර ප්‍රශ්න තිබේ නම්, ඔබට පර්යේෂණ කණ්ඩායම සම්බන්ධ කර ගත හැකි බව තේරුම් ගෙන ඇති බව
•    වයස අවුරුදු 18 ට වැඩි අයකු වනු ඇති බව
•    එකතු කරන ලද ඕනෑම දත්තයක් අනාගත පර්යේෂණ කටයුතු සඳහා භාවිතා කළ හැකි බව ගෙන ඇති බව
•    ව්‍යාපෘතියට සහභාගී වීමට එකඟ ව ඇති බව

ප්‍රශ්නාවලිය අවසානයේ 'ඉදිරිපත් කරන්න' (submit) බොත්තම එබීම මෙම ව්‍යාපෘතියට සහභාගී වීමට ඔබේ කැමැත්ත ප්‍රකාශ කිරීමක් ලෙස පිළිගනු ලැබේ.